නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා තිබෙන්නේ මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව, දළදා මාළිගාව භාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට සැලසුම් කර ඇති බවයි.
වාර්තා වන ආකාරයට ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී අමාත්‍යවරයා පෙන්වාදී ඇති අතර ඇහැලේපොළ වලව්ව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස යෙදවීමේ දී එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා විසින් අවධාරණය කර තිබේ.
ඓතිහාසික ඇහැළේපොළ වලව්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 147ක් පමණ වැයවී ඇති අතර මෙම දේපළ දළදා මාළිගාවට පවරා ගන්නේ නම් සංවර්ධන කටයුතු වෙනුවෙන් වැයවූ මුදල යළි නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
අදාළ මුදල ගෙවීමට දළදා මාළිගාව අකමැතිනම් එම දේපළ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගත යුතු බවත් මෙම දේපළ සංවර්ධනය කිරීමට වැයවූ මුදල් නැවත ගෙවීම සම්බන්ධයෙන් දළදා මාළිගාව පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති බව උපදේශක කාරක සභාවේදී අනාවරණය වී තිබේ.