ඇෆ්ගනිස්ථානයේ දුක් මුසු කතාන්දරය.

ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය නොහොත් අප කවුරුත් දන්නා ඇෆ්ගනිස්තානය යනු,   දකුණු – මධ්‍යම ආසියාවේ පිහිටි සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වට වූ කඳුකර රාජ්‍යකි. එය දකුණින් සහ නැගෙනහිරින් පාකිස්තානයටද, බටහිරින් ඉරානයටද, උතුරින් ටර්ක්මෙනිස්තානය, උස්බෙකිස්තානයට සහ ටජිකිස්තානයටද, ඊශාන දිගින් චීනයටද, මායිම්ව ඇත. ක්‍රිපූ 50,000 තරම් ඈත ඉතිහාසයක් වත්මන් ඇෆ්ගනිස්ථාන භූමිය අතීතයේදී  සේද මාවතේ සහ මානව සංක්‍රමණයේ සන්ධිස්ථානයක් විය. කාලයත් සමගම ජනවර්ග රාශියක් ජීවත් වී ඇති ඇෆ්ගනිස්ථානය, මධ්‍යම ආසියාව සහ මැද පෙරදිගත් ඉන්දියානු උප මහද්වීපයත් යා කරන වැදගත් ස්ථානීය පවතී. මේ නිසාම පුරාණයේ සිටම මහා ඇලෙක්සැන්ඩර්, මෞර්ය අධිරාජ්‍ය, ජෙන්ගිස් ඛාන් වැන්නන්ගේ හමුදා ආක්‍රමණවලට ඇෆ්ගනිස්ථානය ගොදුරු වී ඇත.

එවන් ස්ථානයක වුවද ජීවත් වන සියලු මිනිසුන් හුස්ම ගන්නේ යම් බලපොරොත්තුවක් ඇතිවය. සියලු මිනිසුන්ගේ ශරීරය පුරා දුවන්නේ රත්පැහැ ලේය.  ඇෆ්ගනිස්ථාන අරාජිකත්වය ඇරඹෙන්නේ අද ඊයේ සිට නොවේ. එය අවුරුදු 100 ගණනක් අතීතයට දිව යන්නකි. අතීතයේදී පවා අළු යට ගිනි පුපුරු මත පාලනය වන මෙම අවාසනාවන්ත රාජ්‍යයේ කණගාටුදායක කතාන්දරය තුල දස දහස් ගණන් මිනිසුන් අකාලයේ මිය යන්නට ඇත. කුඩා දරු පැටවූ, වැඩිහිටියන්, ලෝකයේ අද අනාගතය භාරගන්නට සිටි තරුණ තරුණියන් දස දහස් ගණනින් මිය යන්නට ඇති. කුසට අහරක් නොමැතිව, බීමට දිය පොදක් නොමැතිව, මව් පිය සෙනෙහස නොමැතිව දුක් විදි පුංචි දූ පුතුන් දහස ගණනින් මේ සාපලත් ඇෆ්ගන්  දේශය තුල මියෑදෙන්නට ඇත. මව් වරු නොමැතිව, කුසට අහර නොමැතිව දුක් විදින මිනිසුන් සිටි, සිටින දේශයේ කදුළු කතාව ඉතාම කෙටියෙන්, ඔබට ලියන්නට සිතුවේ අන් කිසිවක් නිසා නොව, මිහිතලයෙන් ටිකෙන් ටික, සිදී යන , හිත් පිත් ඇති මිනිසුන් පහල නොවීමේ පල විපාක ගැන පොඩ්ඩක් සිතන්නට හැකි නම් හිතන්නටය. හිත්, පිත් ඇති මිනිසුන්ගේ වඳවීමේ ප්‍රතිපලය සමස්ත ලෝකයාටම හෙට දිනයේ ජීවත්වන්නට සිදු වන්නේ, අද ඇෆ්ගන් ජනතාව ජීවත් වන්නා සේමය.

මෑත ඉතිහාසයේ ප්‍රථම ඇෆ්ගන් ආක්‍රමණය සිදු වන්නේ 1839 දීය. බ්‍රිතාන්‍ය 1838 දෙසැම්බර් මසදී, ඉන්දියානු හමුදා 21,000 ක පමණ බලකායක් පන්ජාබ් සිට වයඹ දෙසට ගමන් කළ අතර 1839 මාර්තු මාසයේදී කදුකරය හරහා සීත සමය පහව යනවාත් සමගම  ගමන් කළහ. මේ කාලය තුල බ්‍රිතාන්‍යන් පහසුවෙන් කැට්ටා සහ කන්ඩාහාර් අල්ලාගෙන , ජේස්වාහිදී දෙස්ට් මොහොමඩ්ගේ හමුදාව විසින් ජේම්ස් ජර්මානු හමුදාවට ගෙන්වා ගත්තේය. ඊමර් නමැති නායකයා , බමර්න් හරහා බුහාරයට පලාගිය අතර එවකට මෙහි නායකයාව සිටි ඩෙස්ට් මොහමඩ්ගේ සිහසුන වසර 30 කට පසුව බ්‍රිතාන්‍ය විසින්  අත්පත් කරගන්නා ලදී.

මෙම පහසු ජයග්‍රහණයෙන් සැහීමට පත් උණු බ්‍රිතාන්‍ය ඇෆ්ගනිස්තානයෙන්  ඉවත් වූ අතර ඩෙස්ට්මොහමඩ්,  මෙම පාරාජය එතරම් පහසුවෙන් අත් හැරීමට සූදානම් නොවීය. ඉන් අනතුරුව, ඩේස්ට් මොහමඩ්, 1840 දී  බුහාරියේ සිට ප්‍රති ප්‍රහාරයක් එල්ල කළේය. ඒ හේතුවෙන් බ්‍රිතාන්‍ය විසින් ඇෆ්ගනිස්තානය නැවතත් ආක්‍රමණය කරන ලදී. එහිදී ඩෙස්ට් මොහමඩ් අල්ලාගෙන සිරකරුවෙකු ලෙස ඉන්දියාවට ගෙන එන ලදී.

ඩෙස්ට් මොහමඩ්ගේ පුතා මොහමඩ් අක්බාර් 1856 ගිම්හාන සහ සරත් සෘතුවේදී බැමියාන්හි ඔහුගේ කඳවුරේ සිට ඇෆ්ගනිස්ථානුවන් සමග 1841 නොවැම්බර් මස 02 වෙනි දින කාබුල්හි, කපුලන් ඇලෙක්ස්සැන්ඩර් බර්න්ස් සහ ඔහුගේ අධාරකරුවන් ඝාතනය කිරීම සදහා කටයුතු සිදු වීමත් සමගම ඇෆ්ගනිස්තානය තුලට අඛන්ඩව පැමිණෙන විදේශ හමුදා භටයන්ගෙන් පිරී ගියේය. මේ සියල්ලම දෙස බ්‍රිතාන්‍ය නිහඬව බලා සිටියේය.

කෙසේ හෝ 1842න් පසුව ඇෆ්ගනිස්තානය සිය ස්වාධීනත්වය රැකගත් අතර තවත් දසක තුනක් පුරා යුරෝපීය බලවතුන් දෙදෙනා, එකිනෙකාගේ සෙල්ලම් පෙන්වමින් ඇෆ්ගනිස්ථානය දෙස තම උකුසු ඇස් යොමා බලා සිටියහ. මේ කාලය තුල  රුසියාව මධ්‍යම අසියාවේ බොහෝ ප්‍රදේශ අල්ලා ගනිමින්, ඇෆ්ගනිස්තානයේ දේශ සීමාව පසු කරගෙන ගොස් කසකස්තානය, උස්බෙකිස්ථානය, කිර්ගිස්තානය සහ ටජිකිස්ථානය යන දෙකම අත්පත් කරගත්හ. 1881 ජෝකෙප්ටෙෂ් සටනේදී රුසියාව විසින් පරාජය කරන  ලද තුර්කිස්තානයට කුමක් වුවත් ඇෆ්ගනිස්තානය සිය ස්වාධීනත්වය රැකගන්නා ලදී.

ඉන්පසු සීසර්ගේ ව්‍යාප්තිය නිසා කෝපයට පත් බ්‍රිතාන්‍ය ඉන්දියාවට උතුරින් පිහිටි දේශ සීමා දෙසම තම දෙනෙත් යොමා සිටියේය. 1878 දී ඇෆ්ගනිස්ථාන ජනයා, නැවත වරක් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරන ලදී. එයින් දියත් උනේ, ඇන්ග්ලෝ – ඇෆ්ගන් යුද්ධයයි. මෙයින් යලි තහවුරු කලේ , ඇෆ්ගන් ජනතාව බ්‍රිතාන්‍ය ඇතුළු විදේශ හමුදාවන් ඇෆ්ගන් භූමිය මත රැදී සිටිනාවට තිබෙන අකමැත්ත, සහ විදේශීය බලවතුන් පිළිබඳව තිබෙන අවිශ්වාසයයි. ඇෆ්ගන් ජනතාව දුක් විදින්නේ අද ඊයේ සිට නොවන බව මින් පැහැදිලිය.

1879 මුල් භාගයේදී වහල්භාවයෙන් මිය යමින් ෂර් අලි තම අගනුවරින් සහ රටෙන් පලා ගියේය. ප්‍රථම යුද්ධයේදී මෙන් බ්‍රිතාන්‍ය හමුදාව කාබුල් අල්ලා ගත් අතර 1879 මැයි මස 26 දා ගන්දමක් (ගන්දොමැක්) හිදී අත්සන් කල ගිවිසුමක් ෂර් අලේගේ පුත්‍රයා පිළිගත්තේය. පසුව යාකඛ් ඛාන් එමීර් කාබුල් වලට ස්ථීර බ්‍රිතාන්‍ය තානාධිපති කාර්යාලයක් ලබා ගැනීමට එකග විය. ඊට අමතරව බ්‍රිතාන්‍ය රජයේ “ආශාවන් හා උපදෙස් වලට අනුකූල”වෙනත් රාජ්‍යන් සමග ඔහුගේ විදේශ සබඳතා පැවැත්වීමට ඔහු එකග විය. ඇෆ්ගනිස්තානයේ පාලක යඛාක් ඛාන් සහ බ්‍රිතාන්‍ය සාකච්ඡාකරු ශ්‍රීමත් ලුයිස් කැවනාරි 1879 මැයි 26 දින ගන්දමක් ගිවිසුමට අත්සන් තබන ලදී. කෙසේ වුවද මෙම බ්‍රිතාන්‍ය ජයග්‍රහණය කෙටි කාලීන විය. 1879 සැප්තැම්බර් 03 වෙනිදා, බ්‍රිතාන්‍ය නියෝජිත ශ්‍රීමත් ලුවී කැවස්නාරි සහ ඔහුගේ ආරක්ෂකයා කාබුල්හිදී ඝාතනය කෙරිණි. ඒ හේතුවෙන් බ්‍රිතාන්‍ය හමුදාව නැවත එහි යැවූ අතර ඔක්තෝම්බර් අවසානයට පෙර ඔවුන් කාබුල් අල්ලා ගත්හ. යාකබ් සිහසුන අතහැර දැමු අතර එය 1880 ජුලි දක්වා එය  හිස්ව පැවතුනි. ෂර් අල්ගේ ඥාති පුත්‍රයකු  වන අබ්ද් අල් රමාන් එමීර් පසුව එහි පාලකයා බවට පත් විය. අබ්ද් අල් රමාන්ගේ පාලන කාලය තුල නූතන ඇෆ්ගනිස්තානයේ මායිම් නිර්මාණය කලේ බ්‍රිතාන්‍ය සහ රුසියානුවන් විසිනි.

19 වන ශතවර්ෂයේදී විශාල යුරෝපානු අධිරාජයන් දෙකක් වූ  රුසියානු හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන් මධ්‍යම ආසියාවේ ආධිපත්‍ය ගැනීමට නැඹුරු වුහ. පලමුවන ලෝක යුද්ධය ආරම්භවීමත් සමගම (1914 – 1918) ඇෆ්ගනිස්ථානයේදී බ්‍රිතාන්‍යන්ට එරෙහිව, තුර්කියේ ඔටෝමාන්ගේ සහයෝගය ලැබුණි. ඔවුන්ගේ සහය ලැබුනද, එකල ඇෆ්ගන් පාලකයා වූ අබුබුල්ලා ඛාන් යුද්ධය පුරාම, එයට සහභාගී නොවීය. 1919 පෙබරවාරි 20 දින බ්‍රිතාන්‍ය විරොධී ව්‍යාපාරයට සම්බන්ද පුද්ගලයන් විසින්  අබුබුල්ලා ඝාතනය කෙරිණි. ඉන් පසු ඔහුගේ පුත් අමානුල්ලා චාන් සිංහාසනය හිමිකරගත්තේය. ඔහුගේ රාජාභිෂේක කථාවේදී අමනුල්ලාහ් මහා බ්‍රිතාන්‍යයෙන් ඇෆ්ගනිස්තානය පූර්ණ නිදහසට පත් බව ප්‍රකාශ කරන ලදී. එම ප්‍රකාශය කෙතරම් දරුණු වීද යත් 1919 මැයි මාසයේදී තුන්වන ඇන්ග්ලෝ – ඇෆ්ගන් යුද්ධය ආරම්භ කළේය. පළමු ලෝක යුද්ධයේදී දැඩි ඉල්ලීම් වලින් හෙම්බත් වී අකාර්යක්ෂම වූ ඇෆ්ගන් හමුදාව සහ බ්‍රිතාන්‍ය ඉන්දියානු හමුදාව අතර ඇති වූ ගැටුම්, ගැටුම් මාලාවකට පමණක් සීමා විය. කෙසේ වෙතත් මාසයක් පමණ පැවති යුද්ධය තුල ඇෆ්ගන් ජාතිකයන්ට තමන්ගේම කටයුතු කරගෙන යාමට හැකි විය. 1919 අගෝස්තු මස 08 වන දින රාවල්පින්ඩි ( දැන් පකිස්තානය) හිදී ඇෆ්ගනිස්තානයට නිදහස පිළිගැනීමේ සාම ගිවිසුම අත්සන් කල අතර. එය 1921 සංශෝධනය කරන ලදී.

බ්‍රිතාන්‍ය සමග අවසන් ලියවිල්ලට අත්සන් කිරීමට පෙර ඇෆ්ගනිස්තානුවන් නව බෝල්ෂෙවික් පාලනය සමග සෝවියට් සංගමය තුල මිත්‍ර ගිවිසුමක් අත්සන් කළහ. එමගින් ඇෆ්ගනිස්ථානය සෝවියට් රාජ්‍ය පිළිගත් ප්‍රථම රාජ්‍යක් බවට පත් වූ අතර 1979 දෙසැම්බර් දක්වා පැවති ආණ්ඩු දෙක සෝවියට් සංගමය සමග “ විශේෂ සම්බන්ධතාවක් ” විකාශය විය. ඇෆ්ගන් යුද්ධයේදී සෝවියට් සංගමය නැවත වරක් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරන ලදී. මෙම කාලය තුල කොම්යුනිස්ට් විරෝධී මුස්ලිම් ගරිල්ලන් සමග ගැටුමේදී ඇෆ්ගනිස්ථාන කොමියුනිස්ට් රජයට සහයෝගය දැක්වීමට සෝවියට් සංගමය

මැදිහත් විය. 1978 – 1992 පමණ දක්වා වන තෙක් සෝවියට් සංගමය ඇෆ්ගනිස්තානය තුල රැදී සිටියහ.

 1982 වන විට ඇෆ්ගනිස්ථානුවන් මිලියන් 2.8 ක් පකිස්ථානයේ රැකවරණ පතා සිටි අතර තවත් මිලියන 1.5ක් පමණ ඉරානයට පලා ගියහ. 1980 ගණන් වල අගභාගය වන විට සොවියට් දේශය දෙදරා යමින් තිබු අතර ඇෆ්ගනිස්ථානයේ යුද්ධය මඩ ගොහොරුවක් බවට පත් විය. මෙහිදී සෝවියට් හමුදාව 15,000 ක් පමණ මිය ගිය අතර තවත් විශාල පිරිසක් මිය ගියගොස් ඇත. 1988 දී සෝවියට් සංගමය, එක්සත් ජනපදය, පකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය සමග ගිවිසුමක් අත්සන් කර සිය හමුදාව ඉවත් කර ගැනීමට එකඟ විය. ඒ අනුව සෝවියට් ඉවත් වීම 1989 පෙබරවාරි 15 දින අවසන් වූ අතර ඇෆ්ගනිස්ථානය නැවත නොබැදි තත්වයට පත් විය.

ඇෆ්ගන්හි අතීතයේ තිබු රාජාණ්ඩුව බිඳ දමන්නේ ඩොයිඩ්ඛාන් විසිනි. මෙම බිද දැමීමත් සමග ම ඇෆ්ගනිස්ථානය විවිධ කුමන්ත්‍රණ සහ විවිධ මත බේද සමග පාලනය විය. ඇෆ්ගනිස්ථානය පාලනය කල යුත්තේ කෙසේද යන්නවත් හරි හැටි ඉලක්කයක් නොමැතිව පාලනය වීම හේතුවෙන්ම එම කාලයේ විවිධ අරගල ඇති වූ අතර මේ හේතුවත් සමගම ඇෆ්ගන්හි තිබූ කොමියුනිස්ට් පාලනය පෙරලා දමන ලදී. ඒ 1979 දිය. මේ සදහා මැදිහත් වුනේ සෝවියට් දේශයයි. මේ සිදුවීමත් සමගම සෝවියට් සංගමය මගින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරන ලදී.

එවකට එක්සත් ජනපදය සහ සොවියට් සංගමය සීතල යුද්දයක පැටලී සිටියහ. එකලද, වෙනත් ජාතීන්ගේ උන්නතිය වෙනුවෙන් ගෝලීය තරඟයක් පැවතුණි. එක්සත් ජනපදය උනන්දු වුයේ ඇෆ්ගනිස්ථානය මොස්කව් වෙත පක්ෂග්‍රාහී කොමියුනිස්ට් ආණ්ඩුවක් පිහිටුවීම සදහා සෝවියට් සංගමය කටයුතු කරාවිද යන්න දැන ගැනීමටය. එය වැලැක්වීම සදහා එක්සත් ජනපදය , සෝවියට් වරුන්ට විරුද්ධ වීමට කැරලිකාර හමුදාවන් වෙත අරමුදල් සැපයූ බව පැවසේ. ඒ අනුව 1979 දෙසැම්බර් මස 20 වැනි දින ඇෆ්ගනිස්ථානයේ ජිහාඩ් ආරම්භය සිදු වී ඇත. 1979 සිට 1989 දක්වා ඇෆ්ගන් මුජාහිදීන් සහ සෝවියට් අතර සටන් පැවතුනි. මුජාහිදීන් ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කදුකරයේ සිට සෝවියට්වරුන්ට විරුද්දව සටන් කළ අතර එක්සත් ජනපද අරමුදල් මත යැපුන මෙම කැරලිකරුවන් මුජාහිදීන් ලෙස හදුන්වන ලදී. එහි තේරුම “අරගලකරුවන්” යන්නයි. අරාබි බසින්, “ලුහුබැදීම්” ලෙසද කිය වේ.

මුජාහිදීන් සටන්කාමීන්ගේ ජනප්‍රියත්වයත්, ඔවුන්ගේ ඉස්ලාම් අන්තවාදී අනුවාදයත් සෝවියට් විදේශිකයන් පලවා හැරීමට සමත්විය. ඔවුන්ගේ අත්දැකීම් අත්පත්කරගැනීමට සහ අත්හදා බැලීමට අරාබි මුස්ලිම්වරුන්ගේ උනන්දුව සහ සහාය ලැබිණි. මේ අතර ධනවතුන් මෙන් ම සාඩම්බර යෞවනයන් ද ඇෆ්ගනිස්තානයට ඇදී ගියහ. ඒ අතර ඔසාමා බින්ලාඩන් සහ ඊජිප්තු ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ ප්‍රධානියා වූ අයමන් සවහරි වැනි අයද සිටියහ.

1980 දී පමණ ඔසාමා බින්ලාඩන් විසින් ඇෆ්ගනිස්ථානයේ ජිහාඩ් සදහා අරාබිවරුන් බඳවා ගැනීම අරඹන ලදී. 9/11 ප්‍රහාරයද මුල්බැසගෙන තිබුනේ ඔෂාමා බින් ලාඩන්ගේ කාර්යබාරයේ කොටසකි. මේ කාලයේ ඔෂාමා බින්ලාඩන්ගේ මෙන්ම ඊජිප්තු ඉස්ලාමීය කණ්ඩායමක් වන ඊවාන් අල් සවහාරි අතරද යුද්ධයක් තිබුණි. මේ කාලයේ ඔවුහු ඇෆ්ගන් මුජාහිදීන් සමග සටන් වැදීමට අරාබි වැසියන් බදවා ගත්හ. පසුව “අල්කයිඩාව” බවට පත් වු මෙම කණ්ඩායම ,ජිහාඩ්වාදීන්ගේ ජාලය ලෙස ආරම්භය විය.

1989 වන විට සොවියට්වරුන් ඇෆ්ගනිස්තානයෙන් ඉවත්ව ගිය අතර 1996 දී පමණ තලේබාන්වරු කාබූල්නුවර අල්ලාගත්හ . ඉන් වසර තුනකට පමණ පසුව කාබුල්හි පාලනය මාක්ස්වාදී ජනාධිපති නජිබුල්ලාගෙන් යුත් ආණ්ඩුවක් සකසා ගැනීමට සමත් විය. මේ වන විට මුජාහිදීන් රම්බානිගේ නායකත්වය යටතේ වෙනත් මුජාහිදීන් කණඩායම් අතර දරුණු ගැටුම් පැවතුනි. එකිනෙකාට විරුද්දව පැවති ඔවුන්ගේ මේ යුද්ධයන් වලින් කාබුල් විනාශ විය. දස දහස් ගණන් සිවිල් වැසියන්ගේ ජීවිත අහිමි උණු අතර රොකට් ගින්න මගින් සිවිල් වැසියන්ගේ යටිතල පහසුකම් විනාශ විය.

මෙසේ අවුල් වියවුල් මැද ගිනි ගත් ඇෆ්ගනිස්තානය තුල බලය ලබා ගැනීමට තලේබාන්වරුන්ට ඉඩ ප්‍රස්තාව ලැබුණි. තලේබාන් සංවිධානය පෝෂණය කරන ලද්දේ පාකිස්තානය වන අතර ඔවුන් මුලින්ම මතු වන්නේ කන්දහාර්වලදීය. 1996 දී කාබුල්හි පාලනය අල්ලාගෙන 1998 වන විට මුළු රටම පාලනය කිරීමට ඔවුන් සමත් විය. නැවත 2001 ඔක්තෝම්බර් 7 වැනිදා ඇෆ්ගනිස්ථානයට එරෙහිව එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්‍ය විසින් කැනඩාව, ඔස්ට්‍රේලියාව ප්‍රංශය ඇතුළු රටවල් වල අන්තර්ජාතික සහභාගීත්වය ඇතිව මිලිටරි ප්‍රහාරයක් එල්ල කරන ලදී. 2001 සැප්තැම්බර් 11 ඇමෙරිකාවට එල්ල කල ප්‍රහාරය අල්කයිඩා විසින් එල්ල කරන ලද්දේ ප්‍රතිප්‍රහාරයක් ලෙසය. 1992 – 2001 දක්වා ඇෆ්ගනිස්ථානය තුල පැවතියේ සිවිල් යුද්ධයකි. ඒ වන විට බලයේ සිටි නජිබුල්ලා බලයෙන් නෙරපා හරින ලදී. එකලද,  කාබුල් රජයට අඛණ්ඩව හමුදා සහ ආර්ථික වශයෙන් බලය සහ ශක්තිය අඛණ්ඩව සැපයෙමින් තිබුණි.

එකල,කොමියුනිස්ට්වාදීන් සමග සටන් කල මුජහිදීන් පක්ෂවලින් ගොඩනගන ලද සන්ධානයක් තුල, බිඳෙන සුළු අතුරු පාලනයක් ඇති කල නමුත් පොදු සාමය සහ ස්ථාවරභාවය දුරස්ථ බලාපොරොත්තුවක් ලෙස පැවතුනි. ප්‍රතිවාදී ට්‍රිලිෂියාවන් බලපෑම් සඳහා පොරබදින විට, ජාතීන් අතර ආතතීන් ඇවිලී ගිය අතර ආර්ථිකය විනාශ විය.

මේ අතර පාලනය සදහා විධායක කාර්යාලයක් ස්ථාපනය කර තිබු අතර විවිධ කණ්ඩායම් අතර ජනාධිපතිදූරය බෙදී යන ලෙස ජනාධිපති පත් කිරීමට විධායක කාර්යාලය තීරණය කර තිබිණි. ඒ අනුව බුර්හානුදීන් රම්බානි ජනාධිපති වූ අතර ඔහුගේ පාලන කාලයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයාට බලය ලබා දීම ප්‍රතික්ෂේප කෙරිණි. ඒත් සමගම නැවත විරුද්ධවාදී බලවේග උත්සන්න වූ අතර ඉස්ලාමීය පක්ෂයේ නායක ගුල්බුදීන් හෙක්මාටියාර්ගේ ප්‍රහාරයන් සමග අගනුවර කොටස්වලට දැඩි හානි සිදු කළේය. ඒ අතරම ජාත්‍යන්තර ආධාර සමග එක්සත් ජාතීන්ගේ ආහාර ලබා දීමේ වැඩසටහනද දිගටම පැවතියේය.

මේ කාලය තුල කාබුල් නගරයෙන් පිටත, ඇෆ්ගනිස්තායේ බොහෝ ප්‍රදේශ වල නීතිය හා සාමය බිඳ වැටුණු අතර ඇෆ්ගනිස්තානයේ දේශසීමාවල වෙළදාමේ යෙදී සිටි ට්‍රක් රථ වලින් ප්‍රවාහන ගාස්තු අය කරන සහ ගෙවන ට්‍රිලිශියා නායකයන් සහ රණශුරයන් විසින් පාලනය කරන රටක් බවට ඇෆ්ගනිස්ථානය පත් විය. අනෙකුත් අංශ තුලද ලාභයට පැහැර ගැනීම් සාමාන්‍ය දෙයක් වූ බැවින් ඇෆ්ගන් වැසියන්ගේ බලාපොරොත්තු සුන්  විය. අයුක්තිය, අසධාරනය රජ කල ඇෆ්ගන් දේශය තුල මිනිසුන් දුක් විදි අයුරු නම් දුක් මුසුය.

1994 පසුවීමත් සමගම තලේබාන් සංවිධානය ඉස්මතු විය. මෙම සංවිධානයේ ආධ්‍යාත්මික හා දේශපාලන නායකයා වුයේ හිටපු මුජහිදීන් සටන්කරුවකු වූ මුල්ලා මොහමඩ් ඕමාර් වන අතර ඔහු භක්තිය සහ ආධ්‍යාත්මිකතාවය  විදහා දැක්වීම සදහා වඩාත් ප්‍රසිද්ධ විය. මෙම සංවිධානය පාකිස්ථානයේ ISIS සාමාජිකයන් සමග මෙන්ම පාකිස්ථානයේ උසස් නිලධාරීන් සමගද සබඳකම් පැවැත් වූ අතර සෞදි අරාබියෙන්ද විවිධ අයුරින් මුදල් ලබා ගැනීමට සමත් විය. 1995 වන විට තලේබාන් සංවිධානය හෙරට් නගරය අල්ලා ගත්හ. 2001 වන විට තලේබාන් බලය ඇෆ්ගනිස්ථානයේ ප්‍රමාණයෙන් දහයෙන් නමයකටත් වඩා වැඩි විය. ඔෂාමා බිල්ලාඩන් පවා බිහිකල තලිබාන් සංවිධානයට මේ වන විට ඇමෙරිකානු ආධාරද ලැබෙන බව සඳහන්ය. ඔෂාමා බිල්ලාඩන් මරා දැමුවේ ද ඇමෙරිකාව වන නමුත් තලිබාන් සංවිධානයට ආධාර ලබා දෙන්නේද ඇමෙරිකාව වීමද විශේෂත්වයකි.

එසේම තවත් පැත්තකින් චීනය සිටින බවද යම් යම් වාර්තා පෙන්වා දෙනවා. මේ ලිපිය ලියන මොහොත වන විට තලිබාන් සංවිධානය ඇෆ්ගන් බලය සම්පූර්ණයෙන්ම අල්ලා ගත් බව නිවේදනය කර තිබෙනවා. නමුත් උතුරු සන්ධානය නොහොත් ඇෆ්ගනිස්තානයේ සිටි නීත්‍යානුකූල හමුදාව නිවේදනය කර තිබෙන්නේ තමන් උපායමාර්ගිකව පසු බැස සිටින බවය.එසේම ඇෆ්ගනිස්ථානයේ සිටින තම විරුද්ධවාදීන් මරා දමමින් ඉතාම කෲර ලෙස තලිබාන් සංවිධානය හැසිරෙන බව විවිධ වාර්තා පෙන්වා දෙනවා. එසේම මේ වන විට ඔවුන් රජයක් ද පත් කරගෙන තිබෙනවා. බාමියන් බුදුපිළිම පවා විනාශ කරන ලද්දේ මෙම කණ්ඩායම වන අතර, ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට සහ දැරියන්ට කෲර ලෙස සැලකීමට ද මෙම සංවිධානය කටයුතු කරන බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. එසේම මේ වන විට යම් යම් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ටද බලපෑම් සිදු වන බව වාර්තා වනවා. මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙන රජයේ ප්‍රධානීන් වන්නේද ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් ලෙස නම් දරා සිටි පුද්ගලයන්ය.

කාබූල් අල්ලා ගැනීමත් සමගම තලේබාන් සංවිධානය ලෝකයට ප්‍රකාශ කලේ නියත වශයෙන්ම ඇෆ්ගනිස්තානය තුල සාමය සහ සංහිදියාව ස්ථාපනය කරන බවයි. දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරකින බවද, මාධ්‍ය නිදහස ලබා දෙන බවද ඔවුන් පොරොන්දු වුවත් මේ වන විට සිදු වන්නේ ඊට වෙනස් සිදු වීම් දාමයක් බව ජාත්‍යන්තර මාද්‍ය වාර්තා පෙන්වා දෙයි. කෙසේ වුවත් ඊයේ (7) වන විට තලිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය තුල රජයක් ස්ථාපනය කර තිබෙනවා. ඒ සදහා චීනය සමග අත්වැල් බැදගන්නා බව ඔවුන් ප්‍රකාශ කළා. ඇෆ්ගනිස්තානයේ අතීතය දෙස බලන විට හෙට දවස අවිනිශ්චිත බව පැහැදිලිය. සිවිල් යුද්ධයක පෙර නිමිතිද පහල වෙමින් තිබේ. කෙසේ වුවද, ජාත්‍යන්තර ත්‍රස්ත ජාල සමග ගනුදෙනු පවත්වන සහ, ත්‍රස්ත සංවිදානයක් වන මෙම සංවිධානය ලෝක සංවිධාන පිළිගන්නා අකාරය දෙසද, අප බලා සිටිමු. එසේම ඇෆ්ගනිස්ථානය තුල මෙම සංවිධානය රජයක් පිහිටුවත් අළු යට සැගව තිබෙන ගිනි පුපුරු නොනැසි පවතින බව, ඇෆ්ගන් ඉතිහාසය කියවන ඔබට මනාව වැටහෙනු ඇත.

අන්තර්ජාල තොරතුරු ඇසුරිනි.

ශ්‍රී නිශ්ශංක මායාදුන්න.

Exit mobile version