ඉගෙන ගන්න ඇග විකුණූ අසරණ තරුණියන් .

පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් උසස් අධ්‍යාපනය හැදෑරීමට මුදල් ඉපයීම සදහා ගණිකා වෘත්තියේ නියැලුණු තරුණියන් 14 දෙනෙකු ඇතුලු 18 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය වාර්තා කරයි.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදයකුමාර මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා කියයි.

තරුණියන් සමග අත්අඩංගුවට ගත් අනිත් සැකකරුවන් එම ස්ථානවල කළමණාකාරවරුන් ලෙස සේවය කළ අය බව වාර්තා වී ඇත. අත්අඩංගුවට ගත් තරුණියන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා ඇත්තේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් තම උසස් අධ්‍යාපනය හැදෑරීමට මුදල් නොමැතිකම නිසා අකමැත්තෙන් වුවත් මෙම රැකියාව තෝරා ගැනීමට සිදු වූ බවයි.

Exit mobile version