එස්.එම්.චන්ද්‍රසේන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය සඳහා කටයුතු කරන බවයි.
මේ වන විට ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව ඇති බව සඳහන් වේ.
තව ද සමාගම් සතුව පවතින වගා කටයුතු සඳහා යොදවා නොමැති ඉඩම් රජයට පවරාගෙන ඒවා යළි වගා කටයුතු සඳහා ලබා දීමට ද පියවර ගන්නා එම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
එස්.එම්.චන්ද්‍රසේන අමාත්‍යවරයා අයගම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් මෙම අදහස් දක්වා ඇත.