ඉතාලියෙන් අගමැතිට ලැබුණු ප්‍රතිචාර

ඉතාලියේ ජී – 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ අන්තවාදී මතවාද සහ ඒ හා බැඳුණු ප්‍රචණ්ඩත්වය යුගයේ බරපතලම අභියෝගය බවත් ,සියලු ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයක් වන බවත් ය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශනයෙන් අනතුරුව එම ශාලාවෙන් පිටවයද්දී රැස්වී සිටි පිරිසෙන් ඔහුට හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයකි.

ජී 20 රාජ්‍ය නායක සමුළුව ලබන ඔක්තෝබර් මස ඉතාලියේ රෝම අගනුවරදී පැවැත්වීමට නියමිත අතර ඊට සමගාමීව ජී 20 අන්තර් ආගමික සංසදය ඊයේ (12)ආරම්භ වුණි.

ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට පමණ අගමැතිතුමා ආරම්භක සැසිය ඇමතීය.

Exit mobile version