ඉතාලියේ ඛේදවාචකයක්.

ඊයේ (26) අලුයම ඉතාලියේ නේපල්ස් නගරය ආසන්නයේ පිහිටි ඉචියා දුපතට බලපෑ අධික වර්ෂාවත්  සමග සිදුවූ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් අතුරුදහන් වී හෝ මියගොස් තිබෙන බවට වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන අකාරයට පැය හයක කාලයක් තුල මිලිමීටර් 155 අධික වර්ෂාවත් සමග නායයාම් දෙකක් වාර්තා වූ අතර ගොඩනැගිලි,ගස් සහ මෝටර් රථ ගනනාවක් මුහුදට ගසාගෙන ගොස් ඇත.

ඉතාලි බලධාරීන් දැනුම් දී ඇති ආකාරයට මේ වනවිට එම ප්‍රදේශ වලට හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇති අතර ජනතාවට නිවෙස් වලට වී සිටින ලෙස ඉල්ලා සිටි.  

Exit mobile version