අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ආර්ථික දේශපාලන හා සමාජයීය අරමුණු ඉටු කරගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මත බවයි.
අප යුගයේ පවත්නා බරපතලම අභියෝගය වී ඇත්තේ අන්තවාදී මතවාද සහ ඒ හා බැඳුනු ප්රචණ්ඩත්වය බවයි එතුමා පෙන්වා දුන්නේ.
ඔහු මෙම අදහස් පලකළේ ඉතාලියේ, බොලොන්ඥාහි පැවැත්වෙන් ජී – 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතමින්ය.
ජී – 20 රාජ්‍ය නායක සමුළුව ලබන ඔක්තෝබර් මස 30 සහ 31 යන දෙදින ඉතාලියේ රෝම අගනුවර දී පැවැත්වීමට නියමිත අතර ඊට සමගාමීව ජී – 20 අන්තර් ආගමික සංසදය පැවැත්වෙනු ලැබේ.
ජී – 20 අන්තර් ආගමික සංසදය අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආමන්ත්රනය කරනු ලබන්නේ බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් ය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ලෝකය අත්විඳින බරපතල සෞඛ්‍ය අර්බුදය නිසා සියලුම දෙනා එක්සත් කිරීමට උපකාරී වන බවත් කොවිඩ් – 19 වෛරසය සමස්ත මානව වර්ගයාට මාරාන්තික පහරක් එල්ලකර ඇති බවත් සහ වසංගතයෙන් බේරී නැවත අපගේ ජීවිතය ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බවත් ය.