ඉතාලි අග්‍රාමාත්‍යවරිය මෝදි සමග සෙල්ෆි ඡායාරූපයක.

ඩුබායිහි පැවැත්වෙන ලෝක දේශගුණ ක්‍රියාකාරී සමුළුව අතරතුරේ, ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජෝර්ජියා මොලෝනීට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණ ගැසුණු අතර, තමන් සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින්නැයි ඉතාලි අග්‍රාමාත්‍යවරිය කළ ඉල්ලීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක පයින් කැමත්ත පළ කර තිබෙන බව වාර්තා වේ .

ඉන්දියාව ඉතාලියේ හොඳ මිතුරකු බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි තමන් තමන් දැඩි ලෙස ගරු කරන ලෝක නායකයකු බවත් අග්‍රාමාත්‍යවරිය එම සෙල්ෆි ඡායාරූපය සමග ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රසිද්ධියට පත් කරමින් ප්‍රකාශ කර තිබේ .

Exit mobile version