ඉතාලි තානාපති රීටා ජී මැනෙලා හා ජනාධිපති අතර හමුවක්.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉතාලි තනාපති රීටා ජී මැනෙලා අතර හමුවක් අද (25) දින ජනාධිපති කාර්යාලයේදී පැවති බව වාර්තා වේ.

දෙරට අතර සංචාරක, ආයෝජන ව්‍යාපාර, සංස්කෘතික වැඩසටහන් වැනි දෑ වැඩිදියුණු කිරීම ගැන හා ශ්‍රී ලංකාව වැටී ඇති අසීරු අවස්ථාවේ ලංකාවට ලබා දිය හැකි සහන පිලිබදව මෙහි දී අවධානය යොමු කර ඇති බව සදහන් වේ.

ඒසෙම මිනිස් ජාවාරමට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ග සදහා ඉතාලියේ සහය හා එම ක්‍රියාවනට අවශ්‍ය හෙලිකොප්ටර් යානා ලබාදීමටත් තානාපතිය විසින් කැමැත්ත  පළ කොට ඇති බව ද  වාර්තාවේ.

Exit mobile version