ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය ප්‍රකාශ කළේ රට පුරා ඉදිකිරීම් සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි 2,000ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරය තුළ පවතින බවයි.
ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කරන ලදී.
ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මහා මාර්ග අමාත්‍යංශයේ ඉදිකිරීම් වෙනුවෙන් කෝටි 8,000ක මුදලක් ගෙවීමට නොහැකි බවට මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කර ඇති බවයි.
එමෙන්ම ඉදිකිරීම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ දී හිඟ අමුද්‍රව්‍ය වෙනුවට අතිරික්තව තිබෙන අමුද්‍රව්‍ය ආනයනයට අවස්ථාව ලබා දෙමින් වංචනික ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.