ඉදිකිරීම් ගැටලු හොයන්න විද්වත් කමිටුවක්.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා ඇත්තේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු කර්මාන්තකරුවන් සමඟ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. 

මුදල් අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇතුලත්වන පරිදි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විතව මෙම විද්වත් කමිටුව පත් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් වීමත් සමඟ ලබන වසර වන විට සියලු ක්ෂේත්‍රවල කර්මාන්තකරුවන් ධෛර්යමත් වන අන්දමේ සහන ලැබෙනු ඇති බව ද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා තිබේ.

Exit mobile version