ඉදිකිරීම් නවතින විට සිමෙන්ති මිල සොච්චමකින් බස්සයි.

අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංස්ථා සිමෙන්ති වර්ග දෙකක කොට්ටයක මිල රු.225කින් පහළ දමා තිබේ.

මේ අනුව මිල අඩු වූ සිමෙන්ති වර්ග දෙක වන්නේ INSEE සංස්ථා, INSEE Mahaweli Marine Plus යන සිමෙන්ති වර්ග වේ.

ඒ අනුව සංශෝධනය කරන ලද නව මිල රු.2750ක් ලෙස එම සමාගම විසින් සඳහන් කරන ලදී.

කෙසේ නමුත් මීට මාස 06කට හෝ 07කට ඉහතදී සිමෙන්ති මිල සටහන්ව තිබුණේ රු.1000 කට ආසන්න වටිනාකමක් ලෙසය.අද වන විට සිමෙන්ති මිල එම වටිනාකම මෙන් දෙගුණයක් තුන්ගුණයක් මෙන් ඉහළ ගොස් තිබේ.

කෙසේ නමුත් සිමෙන්ති මිල අඩු කළ පමණින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු සිදු කිරීමට එතරම් පහසු වන්නේ නැත.ඊට හේතුව වන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තවත් අමුද්‍රව්‍ය රාශියක මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබීමයි.

මේ අවස්ථාවේ සිමෙන්ති මිල අඩු කිරීම නොව පාසල් යන දරුවන්ගේ පොතක පෑනක මිල ගණන පහත දැමීමට කටයුතු කරන්නේ නම් එය කොතරම් අගනේ ද.

Exit mobile version