ශ්‍රී ලංකාවට නැවත ඉන්ධන නැවක් පැමිණීමට නියමිතව ඇත්තේ ලබන මස 08 වැනිදා බවත් , එතෙක් ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්ධන නොමැති බවත් ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව එසේ පැමිණීමට නියමිත නැව 08 වෙනිදා පැමිණියහොත් ඉන්ධන බෙදා හැරීම සිදුවනු ඇත්තේ 10 වැනි දිනයි. ඒ අනුව ඉදිරියට දින 13 ක් පමණ සාමාන්‍ය ජනතාවට ඉන්ධන නොලැබී යනු ඇත. එසේම මේ වන විට සංස්ථාව සතුව තිබෙන්නේ පෙට්‍රල් දින තුනකට පමණක් බවද වාර්තා විය.
ඒ අනුව තිබෙන ඉන්ධන ප්‍රමාණයත් සාමාන්‍ය ජනතාවට නිකුත් නොකරනු ඇති අතර මේ තත්වය පාලනය කිරීමට නොහැකි වූ ඛනිජ තෙල් ඇමති දිගින් දිගටම ජනතාව ඉදිරියේ බොරු ප්‍රකාශ කරන ලදී.
මේ වන විටත් ශ්‍රී ලාංකික වැසියන් දස දහස් ගණනක් ඉන්ධන අපේක්ෂාවෙන් පෝලිම් වල රැදී සිටියි. මේ කතාව හරියට ජනතාවට කියාගන්න බැරි රටක පාලකයන් මේ සෙල්ලම් කරන්නේ කුසගින්නේ මියයන ජනතාවක් මෙන්ම කැරලි කෝලාහල වලින් පිරුණු රටක් නිර්මාණය කිරීමටය.