විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසන්නේ, පවත්නා තත්වය හමුවේ ඉදිරි දිනවල දී මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන ඔක්සිජන් ප්‍රමාණය, ප්‍රමාණවත් නොවනු ඇති බව යි.
මෙරට තුළ අගෝස්තු මස 15 වන දා රාත්‍රිය වන විට දැඩි සත්කාර ඒකක වලට කොවිඩ් ආසාදිතයින් 188 දෙනෙකු ඇතුළත් කර තිබූ බවත්, දළ වශයෙන් එම රෝගියෙක් සඳහා දිනකට රුපියල් ලක්ෂයක් පමණ දැරිය යුතු බවත් ඔහු විසින් ප්‍රකාශ කර ඇත.
වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේ, මෙම වෛරසය පැතිර යන ප්‍රමාණය පාලනය කර, රෝගීන් සංඛ්‍යාව අඩු කර ගැනීමට ඉතාමත් ඉක්මනින් දැඩි පියවර ගත යුතු බවත්, මේ වන විටත් එයට ප්‍රමාද වී ඇති නමුත් දැන් හෝ එම තීරණය ගත යුතු බවයි.