වී අලෙවි මණ්ඩලය සතුව වී මෙට්‍රික්ටොන් 7070 ක සංචිතයක් පවතින බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කර ඇත.
වෙළදපොළ තුළ සහල් මිලෙහි වෙනස්වීම සලකා බලා අසීමිත ලෙස සහල් මිල ඉහල යාම පාලනය කිරීම සදහා අවශ්‍ය වුවහොත් වී අලෙවි මණ්ඩලය සතු වී සංචිත සහල් බවට පත් කිරීමට අපේක්ෂා කරන බව ද කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
සහල් ආනයනය සහ වෙනත් රටවල් වලින් ආධාර වශයෙන් සහල් ලැබීම නිසා වෙළදපොලෙහි සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට හැකි බවත් එම අමාත්‍යාංශය සදහන් කර ඇත.