ඉදිරි අයවැය මඟින් සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා බැංකු ණය සහන ලබා දීමට අදහස් කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
මෙමගින් ශ්‍රී ලංකාවේ අපනයන ඉලක්ක කරගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු වේ.
ඊයේ (01)නෙලුම් පොකුණ රඟහලේ පැවති ,2023 ජාතික කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන ප්‍රධානෝත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ පෙර වසරේ ඇති වූ ආර්ථික අර්බුදයට රට පත් වීම වළක්වා ගැනීම තම වගකීම බවත් , අභියෝග මධ්‍යයේ වුවද රට වෙනුවෙන් ගන්නා තීරණ නිසි ලෙස ක්‍රියාත්මක කරන බවත්ය .