25, 26 සහ 27 දිනයන්හි පැය තුනයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකරන බව සදහන් වේ.
ඒ අනුව පෙරවරු 9යි 30 සිට පස්වරු 5යි 30 දක්වා කාලය තුළ පැය 2ක් සහ පස්වරු 5යි 30 සිට රාත්රි 9යි 30 දක්වා කාලය තුළ පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලිය විසන්ධිකෙරෙන බව සදහන් කරයි..
ඊට අමතරව කොළඹ නගරය ආශ්රිතව අදාළ දින තුන සඳහා පෙරවරු 6 සිට පස්වරු 9 දක්වා පැය 3ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
කෙසේ වුවත් ඊයේ දිනයේදී සදහන් වූ ආකාරයට විදුලිය කප්පාදුව සහ නැවත ලබා දීම සිදු නොවූ බවද වාර්තා විය.