ඉදිරි දින දෙකේ කොළඹ එන අයට දැනුම් දීමක්.

පොලිසිය ප්‍රකාශ කළේ කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය තෙක් තාවකාලිකව වසා තැබෙන බවයි.

හෙට (01) රාත්‍රී 10.00 සිට අනිද්දා (02) සවස 05.00 තෙක් වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස වසා තිබෙනු ඇත.

පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම කොටසේ  මාර්ගය අවට පදිංචිකරුවන්ට ගමනාගමනය සඳහා සීමිත වේලාවකට අවසර හිමිවන බවයි.

මෙම කාලය තුළ දී කොළඹ දෙස සිට පැමිණෙන වාහන වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව හරහා ගොතටුව නගරය, කොටිකාවත්ත මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට පැමිණීමේ හැකියාව ඇත.

 එමෙන්ම අවිස්සාවේල්ල දෙස සිට පැමිණෙන වාහන කොටිකාවත්ත මංසන්ධියෙන් ගොතටුව නගරය, කොලොන්නාව හරහා වැල්ලම්පිටිය මංසන්ධියෙන් කොළඹ දෙසට ගමන් කළ හැකිය.

පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කඩුවෙල සිට ඔරුගාවත්ත දක්වා වූ භූගත ජලනල පද්ධතිය සකස් කිරීම හේතුවෙන් මෙම මාර්ග කොටස වසා තැබෙන බවයි.

Exit mobile version