ඉදිරි මාස තුනෙන් පසු QR ක්‍රමය ඉවත් කෙරෙයි.

ඉන්ධන ලබා ගැනීම සදහා දැනට ක්‍රියාත්මකව පවතින QR ක්‍රමය ඉදිරි මාස 3 න් පසුව ඉවත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කරන ලදී.

වාර්තා වන ආකාරයට ඔහු දේශපාලන වැඩසටහනකට සම්බන්ධ වෙමින් වැඩි දුරටත් පවසා ඇත්තේ රටේ ආර්ථික තත්ත්වය යහපත් වීමත් සමග ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් ලබා දීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බවයි .

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ඉදිරි මාස තුනෙන් පසු පෙර ලෙසටම තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය පිරවුම්හල්වලින් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව සැලසෙන බවයි.

Exit mobile version