ඉන්ටර්නෙට් එකෙන් ආයේ පොත් කියවලා ඉවරයි .

මෙරට ප්‍රධාන පෙලේ ජේෂ්ඨ කතුවරුන්ගේ සහ නවක ලේඛක ලේඛිකාවන්ගේ කෘති දහස් ගණනක් පොත් ප්‍රකාශකයන්ගේ සහ කතුවරුන්ගේ නිත්‍යානුකුල අවසරයකින් තොරව අනීතික ලෙස PDF ආකාරයෙන් සමාජ මාධ්‍ය සහ ඉන්ටර්නෙට් එක හරහා බෙදා හැරීමේ ජාවාරමක්  කලක පටන් ක්‍රියාත්මක වී තිබුණද මේ සම්බන්ධයෙන් කිසිදු නිලධාරියෙකු කිසිදු පියවරක් ගෙන නොමැති බව වාර්තා කරයි.

මෙම අනීතික ලෙස සිදු කරන ජාවාරම හේතුවෙන් දහස් ගණනක් කතුවරුන් අපහසුතාවයට පත්ව ඇති අතර අද (30) දින  මෙයට සම්බන්ධ සැකකරුවන් උදෙසා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටත් නියමිත බව “ අනීතික PDF මංකොල්ලයට එරෙහි ලේඛක ප්‍රකාශක සහ පාඨක එකමුතුව “  ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් සැකකරුවන්ට නීතිමය පියවර ගැන බව ද ඔවුන් සදහන් කර සිටී.

Exit mobile version