ඉන්දියාවට ජය.

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 106කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක ඉන්දියාව සමත් වි ඇති බව වාර්තා වේ.

විශාකාපට්නම් හිදී පැවති තරගය දින 4කදී නිමාවට පත්විය.

ඒ ජයග්‍රහණය සඳහා ලකුණු 399ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා අද ලකුණු 292කට දැවී යාමත් සමගය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 396ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 253ක් රැස්කළේය.

ඉන්දියාව සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 255ක් රැස්කරමින් සංචාරක එංගලන්ත කණ්ඩායමට ලකුණු 399ක් ඉලක්කයක් ලබාදුනි.

එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් සැක් ක්‍රෝලි ලකුණු 73යි.

පන්දු යැවීමෙන් ජස්ප්‍රිට් බුම්රා සහ රවිචන්ද්‍රන් අස්වින් කඩුලු 3 බැගින් දවා ගත්හ.

ඒ අනුව තරග 5කින් සමන්විත තරගාවලියේ කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයගෙන තිබේ.

Exit mobile version