ඉන්දියාවෙන් බිත්තර මිලියන 7ක් මෙරටට.

මෙම වසරේ මෙරටට ඉන්දියාවෙන් බිත්තර මිලියන 7ක තොගයක් ආනයනය කර ඇති බව වාර්තා වේ.

එහි පළමු කොටස ලබන සතියේ ලංකා සතොස වෙත නිකුත් කරන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර ප්‍රකාශ කළේය.

මීට පෙර රුපියල් 35 කට අලෙවි කළ බිත්තරයක් වැට් බද්ද වැඩිවීමත් සමග රුපියල් 43 කට අලෙවි කිරීමට සිදුව ඇති බවට ඔහු සඳහන් කර තිබේ.

Exit mobile version