ජනවාරි මස 01 වනදා සිට ඉන්දියාවට ඇතුළු වීමේ දී නම් කරන ලද රටවල් 05ක් සඳහා කොවිඩ් පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්යය කර තිබේ.
ඒ අනුව මෙසේ කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම අනිවාර්යය කර ඇත්තේ චීනය, හොංකොං, ජපානය, දකුණු කොරියාව, සංගප්පූරුව සහ තායිලන්තය යන රටවලින් ඉන්දියාවට පැමිණෙන්නන් සඳහාය.
ඉන්දීය සෞඛ්‍ය අංශ විසින් මෙම තීරණය ගෙන ඇත්තේ චීනයේ කොරෝනා ආසාදිතයින් ඉහළ යාම පදනම් කර ගනිමින් බව වාර්තා වේ.