ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ ඉන් මිදීම සඳහා සහය ලබාදීමක් වශයෙන් ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව Economics Times දුවත්පත වාර්තා කරයි.
මෙම ආධාර පැකේජය සූදානම් වන්නේ ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතතාව ,බලශක්ති සුරක්ෂිතභාවය සහ විනිමය හුවමාරු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක්ම ආවරණය වන පරිදි බවට වැඩිදුරටත් සඳහන් වේ.
එහි තවත් අරමුණක් වී ඇත්තේ ඉන්දීය ආයෝජන මෙරට තුළ ප්‍රචලිත කිරීම වන අතර මුදල් අමාත්‍යවරයා විසින් පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරතවූ අවස්ථාවෙන් අනතුරුව මෙම පියවර ගත් බව Economics Times වැඩිදුරටත් වාර්තා කර ඇත.