ශිත සෘතුවේදී වායුගෝලයේ ගුණාත්මක භාවය අනතුරුදායක මට්ටමක පවතින්නේ සාමාන්‍යයෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පමණක් වුවත් මේ වන විට ඉන්දියාවේ මුල්‍ය අගනුවර වන මුම්බායි නගරයේද වායු තත්වය ඉතා දුර්වල මට්ටමක් දක්වා පහත වැටි ඇත.
මෙසේ මුම්බායි නුවර වායුගෝලයේ ගුණාත්මක භාවය පිරීමට හේතු වන්නේ වේගවත් ඉදිකිරීම්,කාලගුණ තත්වයේ වෙනස්කම් මෙන්ම වාහන විමෝචනයෙන් එක් කෙරෙන දුමාරයයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට විශාල වෙරළ තිරයක් සහිත මෙන්ම වඩාත් යහපත් වායු තත්වයක් පවතින මුම්බායි නුවර වායුදුෂණ මට්ටම මෙම සතියේදී කිහිප වතාවක් අයහපත් මට්ටමට පහත වැටි ඇත.