ඉන්දියාවේ අවශ්‍යතාවය ලංකාව බෙදීම – ජනරාල් ජගත් ඩයස්

දෙමළ ජනතාවට රටක් නැති බවත්, එනිසාම ඔවුන් රටක් සොයන්නේ අතීතයේ සිටම බවත් විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් මහතා ප්‍රකාශ කලේ ජය TV නාලිකාවේ the චැලේන්ජ් වැඩසටහනට එක් වෙමිනි.

ඊශ්‍රායලයට ද රටක් නොතිබුණු අවදියේ බටහිර බලපෑම මත ඔවුන්ට රටක් අත්පත්කර ගැනීමට හැකි වූ බවද, දෙමළ ජනතාවට රටක් නොමැති නිසා එය මුලින්ම ඉන්දියාවෙන් ලබාගැනීමට උත්සාහ කළ බවද, ඉන්දියාව තම රට තවදුරටත් බෙදීමට කිසිසේත් එකග නොවීම මත ඔවුන් ශ්‍රී ලංකාව දෙසට හැරුණු බවද ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ඉතිහාසය තුළ ඉතා සංවිධානාත්මකව ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක කළ පළමු මෙහෙයුම ලෙස ඉතිහාසයට එකතු වුයේ වඩමාරච්චි මෙහයුම බවද ඉන්දියානු බලපෑම මත එම ක්‍රියාන්විතය ද නතරවූ බවද පෙන්වා දෙන ලදී.

මෙරට දේශපාලන නායකයන්ට සැලසුමක් නොතිබූ බැවින් 13 වැනි සංශෝධනය කරලියේ තිබෙන බවත්, ඉන්දියාවේ අවශ්‍යතාවය වන්නේ මේ රට බෙදීමට බවත් ඔහු පෙන්වා දෙන ලදී.

සම්පූර්ණ සාකච්චාව පහතින් බලන්න

https://fb.watch/iKFvHd3C_F/

Exit mobile version