ශ්‍රී ලංකාවේ පවතින අර්බුදය හමුවේ ඉන්දියාව විසින් මෙරටට පසුගිය වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියනයක ආධාරයක් ලැබුණු අතර එම මුදල පසුගිය මාර්තු මාසයේදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා ලබා දී තිබූ බව වාර්තා වේ.
එම ආධාර මුදලෙන් ඩොලර් මිලියන 10 ක මුදලක් පාසල් පෙළ පොත් මුද්‍රණය සදහා වැය කළ බවත් මෙරට ලක්ෂ 40 ක පමණ පාසල් සිසුන්ගෙන් 45% කට පමණ පෙළ පොත් මුද්‍රණය කිරීම සදහා එය ප්‍රමාණවත් වූ බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සදහන් කරයි.
එමෙන්ම මේ වසර සදහා අවශ්‍ය සමස්ත පෙළ පොත් ප්‍රමාණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට හැකියාව ලැබුණු බව ඔවුන් වැඩි දුරටත් වාර්තා කරයි.