ඉන්දියාවේ කාශ්මීර් හි කාර්ගිල් ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.
රික්ටර් මාපකයේ ඒකක 3.8 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම භූ කම්පනය කිලෝමීටර් 10ක ප්‍රදේශයක ට දැනුණු බව සඳහන් ය.
කෙසේවෙතත් ඉන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.