ඉන්දියන් ආධාර මත බගවන්තලාව වතුයායේ ඉදිකිරිමට යෝජිත නිවාස බේදා දිම පිලිබදව වෘත්තිය සමිති දෙකක සමාජිකයන් අතර ඇතිවු බහින් බස්විමක් දුර දිග යාමෙන් සිදුවු ගැටුමක් හේතුවෙන් දෙදෙනකු පොලිස් අත් අඩංගුවට පත්ව ඇති අතර තිදෙනකු රෝහල් ගත කර ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ බගවන්තලාව වතුයායේ පහල කොටසේ ඉන්දියන් රජයේ ආධාර මත ඉදිකිරිමට යෝජිත නිවාස ලබා දිමේදි එක්තරා වෘත්තිය සමිතියක වතු නියෝජිතයකු (තලෙවර්වරයකු) එම වෘත්තිය සමිතියේ සමාජිකයන්ට නිවාස වැඩි ප්රමානයක් ලබා දිමට කටයුතු කරන බවට පවසමින් තවත් වෘත්තිය සමිතියක සමාජිකයන් පිරිසක් විරෝධය පල කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.
මුලින් මෙම ප්රශ්නය බහින් බස් විමක් ලෙස ඇරබි පසුව ගැටුම්කාරි තත්වකට පත්ව ඇති බවත් එම ගැටුම්කාරි තත්වයන් මත බගවන්තලාව පහල කොටස පදංචි අවුරුදු 65, 61, 39, යන වයස්වල තිදෙනකු තුවාල ලබා ඔවුන් බගවන්තලාව ප්රාදේශීය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගත් බවත්ය.
එමෙන්ම මෙම ගැටුමට සම්බන්ද බවට සැක පිට එම වතුයායේම පදිංචි අවුරුදු 38ක් හා 28ක් වයැසැති දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇති බවත් මෙම දෙදෙනා හැටන් දිසා මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවත් මේ පිලිබදව බගවන්තලාව පොලිසිය වැඩි පරික්ෂන මෙහෙයවන බවද එම නිලධාරිායා වැඩි දුරටත් පැවසිය.