ඉන්දියාව රුපියල ඩිජිටල් කිරීමට සැරසෙයි

ඩිජිටල් රුපියල මේ වසර තුළ දී හඳුන්වාදීමට කටයුතු කරන බවට ඉන්දීය මුදල් අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.

ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් සිය වාර්ෂික අයවැය කථනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඩිජිටල් දේපළවලින් උපයාගන්නා ආදායම සඳහා 30%ක බදු අයකිරීමට තීරණයක් ගන්නා බවයි.

ඒ අනුව ඩිජිටල් මුදල් සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් කළ දෙවැනි රට ඉන්දියාව වේ.

මේ වන විට චීනය ද ඩිජිටල් යුවාන් භාවිතය සම්බන්ධයෙන් අත්හදාබැලීම් සිදුකරමින් සිටියි.

Exit mobile version