ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, ඉන්දියාව සිය හමුදාව ශ්‍රී ලංකාවට එවන බවට සඳහා මාධ්‍ය වාර්තා සහ සමාජ මාධ්‍යවල පලවන සමපේක්ෂණ වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
මාධ්‍ය තුළ සහ සමාජ මාධ්‍ය තුළ පලවන මෙම තොරතුරු අසත්‍ය බවත් මෙලෙස පළව ඇති වාර්තා සහ අදහස් ඉන්දීය රජයේ ස්ථාවරත්වයට නොගැළපෙන බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යයාලය මගින් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කර ඇත.
එමෙන්ම ප්රජාතන්ත්රවාදී ක්‍රම සහ සාරධර්ම සහ ව්‍යවස්ථාමය රාමුව හරහා සමෘද්ධිය සහ ප්‍රගතිය අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ ඉන්දියාව නිරන්තරව රැඳී සිටින බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්රකාශකවරයාගේ , ප්‍රකාශයක් පැහැදිලි කරමින් මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ දක්වා ඇත.