අරුනාචාල් ප්රදේශ් ප්රාන්තයේ අයිතිය සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්යංශය කර ඇති ප්රකාශයක් සම්බන්ධයෙන් ඉන්දියාව සිය විරෝධය දක්වා තිබේ.
ඉන්දීය විදෙස් කටයුතු අමාත්යංශය පවසන්නේ චීනය කර ඇත්තේ “විකාර ප්රකාශයක්” බවයි.
අරුනාචාල් ප්රදේශ් ඉන්දියාවේ ඊසානදිග ප්රාන්තයකි. එය චීන පාලනයේ පවතින දකුණු ටිබේට ය ආසන්නයේ පිහිටා තිබේ.
චීනය පවසන්නේ අරුනාචාල් ප්රදේශ් ප්රාන්තය දකුණු ටිබේටයට අයත් බවයි.