ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට්, ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක් ගමන් ගත් හෙලිකොප්ටර් යානය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයට කඩා වැටී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අනතුරට පත් යානයේ පුද්ගලයින් 14 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ගමන් ගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් තිදෙනෙක් බේරාගෙන රෝහල්ගත කර ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන් ම පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වේ.
කෙසේ නමුත් මේ වන තෙක් එහි කීදෙනෙකු ගමන් ගත්තේදැයි නිෂ්චිත වශයෙන් තොරතුරු තහවුරු වී නොමැත අතර අදාළ අනතුර සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙස එරට හමුදා නිලධාරීන් නියෝග කර ඇත.