ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජීවිතක්ෂයට

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට් හෙළිකොප්ටර් අනතුරින් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම අනතුරින් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ඔහුගේ බිරිඳ ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එම යානය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබුණි.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ එම යානයේ පුද්ගලයින් 14 දෙනෙකු ගමන්ගෙන තිබූ බවයි.

Exit mobile version