ඉන්දීය කණ්ඩායමට  කඩුලු 8 ක ජයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (21)  පැවති දෙවන එක්දින තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට සමත්විය

කාසියේ වාසිය දිනා ඉන්දීය කණ්ඩායම පන්දුවට පහර දීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කලා.

ඒ අනුව ඉන්දීය පන්දු යවන්නන් හමුවේ නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 34 යි පන්දු 3 දී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 108  ක් පමණි.

පිළිතුරු ලෙස  ලකුණු 108 ක ඉලක්කයක් හබායාමට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 යි එක් පන්දුවකදී කඩුලු 2 ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා.

Exit mobile version