ඉන්දීය කණ්ඩායමේ උපනායකට මීළඟ තරගය අහිමි වන ලකුණු.

ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ උපනායක හර්දික් පාණ්ඩ්‍යාට ලෝක කුසලාන තරගාවලියේ මීළඟ තරගය අහිමිවී තිබෙන බව වාර්තා වේ .

ඔහුගේ පාදයේ ස්කෑන් පරීක්ෂාවක් සිදුකිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ .

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ මීළඟ තරගය වන නවසීලන්තයට එරෙහිව ඉන්දියාව එක්වන තරගය ඔහුට අහිමි වනු ඇති බව සඳහන්.

ඊයේ (19) බංගලාදේශය සමග පැවති තරගයේදී ඔහු පාදයේ ආබාධයකට ලක්වූ නමුත් ඉදිරි තරග සඳහා හර්දික් පාණ්ඩ්‍යාගේ සහභාගීත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බව ද වාර්තා වේ .

Exit mobile version