එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය නැරැඹීමට තමන්ට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් ඉන්දීයාවේ හිටපු ක්‍රිකට් නායක කපිල් දේව් කනස්සල්ල පළ කර තිබෙන අතර 1983 වසරේ ඉන්දීය කණ්ඩායම එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරනු ලැබුවේ කපිල් දේව්ගේ මෙහෙයවීමෙන් වේ.
වාර්තා වන ආකාරයට ‘මට කිසිම කෙනෙක් ආරාධනා කළේ නැහැ. සංවිධායකයන්ට මාව අමතක වුණා.’ යැයි කපිල් දේව් මාධ්‍ය හමුවේ පෙන්වා දී තිබේ.
පසුගිය 19 වැනිදා අහමඩාබාද් හි නරේන්ද්‍රමෝදි ක්‍රීඩාංගණයේදි ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය නැරැඹීමට ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්, දීපිකා පදුකෝන්, රන්වීර් කපූර් ඇතුළු නළු නිළියන් රැසක් ඇරැයුම් ලැබ පැමිණ තිබූ බවට තවදුරටත් වාර්තා වේ.