ඉන්දීය ධීවරයින් 12 දෙනෙකුගෙන් යුතු පිරිසක් නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටිය දී නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදාව සඳහන් කළේ අදාළ ධීවරයින් පිරිස මුලතිව්, අලම්පිල් මුහුදු තීරයේ දී සිය භාරයට ගත් බවයි.
ඔවුන් ගමන් කරමින් සිටි යාත්රාවේ තිබී ධීවර ආම්පන්න තොගයක් ද නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත.
මෙම ධීවරයින් ත්රිකුණාමලය නාවික තඨාකාංගනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්රිකුණාමලය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.