ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු මෙරට මුහුදු සිමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතව සිටිය දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පේදුරුතුඩුවට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ දී බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ.

මෙම ඉන්දීය ධිවරයින් සතුව තිබූ ට්‍රෝලර් යාත්‍රා දෙකක් ද එහි දී නාවික හමුදා භාරයට ගෙන ඇත.

එහිදී එම ධීවරයින් පිරිස නීතිවිරෝධී ලෙස අල්ලන ලද මසුන් ප්‍රමාණයක් සහ නීතිවිරෝධී ධීවර ආම්පන්න තොගයක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version