ඉන්දීය ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක් මෙවර 20-20 තරඟාවලියෙන් ඉවතට

ලබන සතියේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟාවලිය සහ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය පැවැත්වීමට නියමිතව ඇත.

මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් නම් කිරීමේ දී ඊට ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු නම් නොකිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.

ඒ අනුව විරාත් කෝලි සහ රිශාබ් පාන්ට් යන ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනා විවේක ගැන්වීමට තීරණය කර ඇති අතර තවත් කිහිප දෙනෙක් කණ්ඩායමෙන් ඉවත් කර ඇත.

අජින්ක්‍යා රහනේ, චේතශ්වර් පුජාරා, ඉශාන්ත් ශර්මා සහ විරිද්දිමාන් සහා යන ක්‍රීඩකයින් ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කර ඇත.

එමෙන්ම ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ද රෝහීන් ශර්මා හට පවාරා ඇති බව වාර්තා වේ.

Exit mobile version