ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා සහ ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉන්දීය ශ්‍රී ලංකා යුද හමුදා ඒකාබද්ධ “මිත්‍රශක්ති” යුද අභ්‍යාස නැරඹීමට පැමිණ ඇත.
ඒ අනුව යුද හමුදා අවසන් අභ්‍යාසය අද (16) උදෑසන මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ දී පැවැත්විනි.
මෙම මිත්‍රශක්ති යුද අභ්‍යාස මාලාව පුරා සති දෙකක කාලයක් පැවති අතර ඒ සඳහා ඉන්දීය යුද හමුදා භටයින් 120ක් සහ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් 120ක් වූ භට පිරිසක් ද එක්ව ඇත.