ඉන්දීය විදේශ අමාත්‍ය  ජයශංකර් දෙදින නිල සංචාරයකට දිවයිනට පැමිණේ .

අද දින (20)  ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් . ජයශංකර් , මෙරට විදේශ කටයුතු අමාත්‍ය සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් එකතුව සාකච්ඡාවක් පවත්වන ලදී .

වඩාත් හොද හිතකාමී ව්‍යාපාරික පරිසරයක් මෙරට තුළ ඇති කිරීමට හා ත්‍රිකුණාමලය  බලශක්ති කෙන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ඉන්දීය විදේශ අමාත්‍යවරයා කැමැත්ත පළ කළ අතර ඒ වෙනුවෙන් සියලු කටයුතුවල විශ්වාසදායක හවුල්කරයෙක්  වීමට  හා සහයෝගයෙන් ඉදිරියට යාමට  කැමැත්ත පළකරන ලදී .

එමෙන්ම ඔහු සදහන් කරන ලද්දේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ දෙමළජාතික සංවිධානයේ නියෝජිතයන්ද හමුවීමට අපේක්ෂා කරන බවයි .

එම හමුවීමෙන් පසු ඉන්දීය  විදේශ අමාත්‍යවරයා  අද (20) දින රාත්‍රියේදී මෙරටින් පිටවීමට තීරණය කරන බව සදහන් කරයි .

Exit mobile version