ඉන්දීය විදේශ ලේකම් අද අගමැති හමුවට

පසුගිය දා සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (04) පෙරව‌රුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.

එසේම අද පස්වරුවේ ඉන්දීය විදේශ ලේකම්වරයා ,විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ද හමුවීමට නියමිතව ඇත.

Exit mobile version