ශ්‍රී ලංකා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ ලංකාවේ මිලියන 4 ක් පමණ වන පාසල් ළමුන් සදහා අවශ්‍ය පෙළ පොත් ප්‍රමාණයෙන් අඩක් පමණ මුද්‍රණය කිරීම සඳහා ඉන්දීය රජය සහාය ලබා දුන් බවයි.
තවද මීට පෙර අවස්ථා කිහිපයකදී ආහාර, ඖෂධ, ඉන්ධන ඇතුළු තවත් අත්‍යාවශය භාණ්ඩ හා කර්මාන්ත සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය අනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ණය පහසුකමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 10 කට වැඩි ප්‍රමාණයක් භාවිත කරමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සහ පුද්ගලික ආනයනකරුවන් විසින් පාසැල් පෙළ පොත් මුද්‍රණය කිරීමට අවශ්‍ය කඩදාසි හා වෙනත් අමුද්‍රව්‍ය ඉන්දියාවෙන් ආනයනය කළ බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දී ඇති බව වාර්තා වේ.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ ප්‍රදානත්වයෙන් පාසැල් පෙළ පොත් පාසල්වලට බෙදා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා පවසා ඇත්තේ පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා සහාය ලබා දීම ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් සිදු කළ ආයෝජනයක් සහ සිසුන්ගේ අනාගතය දීප්තිමත් කිරීමට මෙම ආයෝජනය උපකාරී වනු ඇති බවත්ය.