ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සිදුව ඇති අකරතැබ්බයක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනල් පාන්ඩ්ය හට මෙම සිදුවීමට මුහුණදීමට සිදුව ඇත.
ඔහුගේ ට්වීටර් ගිණුමේ අද (27) උදෑසන Selling this account for bitcoins ලෙස දක්නට ලැබුණු විශේෂ සටහනක් සම්බන්ධයෙන් මෙම ගැටලුව හටගෙන ඇත.
කෙසේ නමුත් අදාළ සටහන ඔහු විසින් සටහන් කර නොමැති බවත් අනුගාමිකයන් ලක්ෂ 13ක් පමණ සිටින ඔහුගේ ට්වීටර් ගිණුම හැකර්වරුන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත් පසුව අනාවරණය වී ඇත.
මේ වන විට ඔහුගේ ගිණුම යථාතත්ත්වයට පත්කර ඇති බව සඳහන් වේ.