මෙරට රසික හද දිනාගත් ජනප්‍රිය චිත්‍රපටයක් වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය හරහා ශ්‍රී ලාංකික හදවත් තුළ ගෞරවයට පාත්‍ර වූ ඉන්දීය සුපිරි සිනමා නළු ගගන් මලික් පැවිදි දිවියට ඇතුළත් වූ බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වේ.
ඔහු මෙසේ පසුගිය දිනක හිස මුඩුකොට කසාවත පැළඳ චාරිත්‍රානුකූලව පැවිදි දිවියට ඇතුළත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙසේ පැවිදි දිවියට පත්ව ඇත්තේ බැංකොක් හි Royal Monastery නම් විහාරයකදී වන අතර ඔහු මෙසේ පැවිදි දිවියට ඇතුළත්ව ඇත්තේ කෙටි කාලීනව ය.
ආසියාව පුරාවට ජනප්‍රියත්වයට පත් ගගන් මලික් මෙසේ පැවිදි දිවියට ඇතුළත්ව ඇත්තේ දින 15ක කාලයක් සඳහා බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මෙය ධර්මය ඉගෙන ගැනීමට, අනිත්‍ය තේරුම් ගැනීමට ,දැනුම ලබා ගැනීමට කාලය බවත් ඉන්දියාව තුළ ධර්මය පැතිරවිය යුතු කාලය බවත් ය.