ඉන්දුනීසියාවේ ඛේදවාචකය

ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙපිරසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව අදාළ ගින්න ඇති වූ බවයි.

එම ගැටුමේ දී තියුණු ආයුධයකින් පහරකෑම හේතුවෙන් එක් අයෙක් මියගොස් ඇති බව ද වාර්තා වේ.

එම සමාජ ශාලාව මහල් දෙකකින් යුක්ත වන අතර පහත මාළයේ මෙම ගින්න හටගෙන ඇති බවත් ගිනි නිවන භටයින් පැමිණ අදාළ ගින්න මැඩපවත්වන ලද බවත් වැඩිදුරටත් සඳහන් වේ.

අනතුරු සිදුකළ සෝදිසියක දී ඉහළ මාළයේ කාමරයක් තුළ තිබී මියගිය පුද්ගලයින් 18 දෙනෙකුගේ මළ සිරුරු හමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version