ඉන්දුනීසියාවේ භූ චලන මාලාවක්.

රික්ටර් මාපක ඒකක 6.4ක ප්‍රබල බූ කම්පනයක් ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතේ හටගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා හී සිබෙරූට් දූපතේ පැඩැං නගරයට මෙම භූ කම්පනය බලපා ඇති අතර එම භූ කම්පනය ඊයේ (29) දිනයේ දී එම කලාපයට බලපෑ තෙවන භූ කම්පනය  ලෙසද සඳහන් වේ.

මෙයින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර මෙම භූ කම්පන සිදු වූ ප්‍රදේශයන්හි පුද්ගලයින් ආරක්ෂිත  ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

පැසිෆික් කලාපයේ ගිනි වළල්ල වශයෙන් හඳුන්වන ඉන්දුනීසියාව අයත් වන්නේ වඩාත්ම සක්‍රීය භූ තැටි සහිත කලාපයට ය.

Exit mobile version