ඉන්දුනීසියාව ආසන්නයේ භූ චලනයක්

අද (25) උදෑසන ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙම භූ චලනය රික්ටර් පරිමාණයේ 6.2ක් වශයෙන් දැක්විණ.

මෙම භූ කම්පන තත්ත්වය සිංගප්පූරුවට සහ මැලේසියාවට ද යම්තරමකට දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ නමුත් ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නොමැති බවයි.

Exit mobile version