ඊයේ (16) රාත්රියේ යාපනයේ නාවට්කුලි ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනෙක් QR කේතය නොමැතිව ඉන්ධන ලබා දෙන ලෙසට ඉන්ධන පිරවුම්හල් සේවකයාට බල කර තිබෙන අතර එම අවස්ථාවේදී එම ඉල්ලීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් යතුරුපැදිකරුවන් දෙදෙනා විසින් පිරවුම්හල් සේවකයාට කඩුවකින් පහර දී ඇති බව සදහන් වේ.
තුවාල ලැබූ පිරවුම්හල් සේවකයා චාවකච්චේරිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩි දුර ප්රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු ක්රියාත්මක කරන බව කියයි.